වීරයෙක් කියන්නෙ කවුද?

අපි වීරයින් හදුනා ගන්නනේ සම්මත නිර්වචනයන්ට අනුවයි. වීරයින් යනු කවුරුන්දැයි මුලින් ගොඩනගාගත් අදහසක් අපි කා තුළත් තිබෙනවා. ඒවාට අනුව තෝරාගත් ඉතා සු`ඵ පිරිසක් වීරයින් සේ අපි නම්කර ගන්නවා. නමුත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නිර්භීතව වෙහෙසෙන, ධෛර්යමත්ව කැපවෙන, අධිෂ්ඨානයෙන් කටයුතු කරන, ආදරය, දයාව, පරාර්ථකාමීත්වය තුළින් තම අරමුණු දිනවන සියල්ලන්ම ඔවුන්නොවුන්ගේ ජීවත තුළ වීරයින් නොවෙයිද?

කාගිල්ස් ෆුඞ්සිටි අපි එය විශ්වාස කරනවා. අපිට අනුව අපේ ගොවියන්, ව්‍යවසායකයින්, සේවකයින්, පාරිභෝගිකයින් සියල්ලන්ම මහපොළවේ සැබෑම වීරයින්. “ කාගිල්ස් වීරයෝ” ලෙස පරිවර්ථනය වූයේ එවන් මිනිසුන්ගේ සාර්ථකත්වයේ කතාන්දරයයි, ඔවුන් දරන වෙහෙසට නිසි අගයක් ලබාදෙමින් ඔවුන් තවදුරටත් බලගැන්වීම වුදෙසා වූ අපගේ වෑයමයි.

අපේ මෙහෙවර

අසාමාන්‍ය ශක්තියක් ඇති සාමාන්‍ය මිනිසුන්ගේ වීරත්වයේ කතාන්දර සොයා යමින්, ඒවාට නිසි අගයන් ලබාදෙමින්, ඔවුන්ට මු`ඵ දේශයේම වීරයින් බවට පත්වීමට ඉඩකඩ සලසාදීම අපගේ මෙහෙවරයි. සාමාන්‍ය මිනිසුන්වන ඔවුන් නොසැලෙන බලාපොරොත්තු ඇතිව, අපමණ උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් සිය ජීවිත සතුටේ ජය මාවත් වෙතට මෙහෙයවද්දී, ඔවුන්ගේ ජීවන වෘතාන්තයන් සාමාන්‍යත්වය ඉක්මවායයි. විශ්මය දනවයි. රට පුරා විසිරී සිටින එවන් වීරයන් සොයා යමින් ඔවුන්ගේ ජීවිත වඩා පොහොසත් කිරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්වනවා සේම, ඔබගේද සහභාගිත්වයෙන් තව තවත් දහස් ගණනක් වූ මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත කතාන්දර තුළින් දේශයේම වීරයින් බවට පත්වීම ඉඩකඩ සලසාදීමට අපට හැකියි.

වීරයන් සමග අපි

තම පවුල පෝෂණය කිරීම උදෙසා දරන වෑයමේදී මුඵ දේශයේම පෝෂණය උදෙසා උරදෙන දේශීය ගොවි වීරයන් සමග අපගේ සබඳතාවය ආරම්භ වූයේ, හගුරන්කෙතදී අපගේ පළමු කාගිල්ස් ෆුඞ්සිටි එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමත් සමගය. අද ඒ සම්බධතාවය ශක්තිමත්ව රටපුරාම පැතිරවීමට අපට හැකිව තිබේ. ගොවි ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ කළ සරුබිම වැඩසටහන හරහා අපට ගොවීන් විශාල ගණනකගේ ජීවිත වඩා සාරවත් කරමින්, ඔවුන්ගේ ජීවනෝපාය වඩා උසස් තත්ත්වයකට රැගෙන ඒමට හැකිවූවා. එසේම කාගිල්ස් සරුබිම අරමුදල හරහා, ගොවියාගෙන් මිලට ගන්නා සෑම එළවඵ කිලෝවක් සඳහාමත්, කිරි ලීටයක් සඳහාමත් ශත 50 ක මුදලක් වෙන්කරමින්, එම අරමුදල් ගොවි පුරවැසි සම්මාන ලෙස පිරිනැමීමටත්, ගොවි දරුවන්ට ශිෂ්‍යත්ව සේ ප්‍රධානය කිරීමටත්, පශු සංම්පත සුරැකීමට දායක කරගැනීමටත් අපට හැකිවිය. වෙනසක් උදෙසා වෙහෙස නොබලා වෙහෙසවෙන සෑම ව්‍යවසායකයෙක්ම තම අරමුණු ජයගන්නා අතරම දේශයේම ආර්ථිකය බලගන්වයි. අපි ඔවුන් වීරයින් සේ හදුනාගනිමින් ඔවුන්ගේ ව්‍යාපාරවල ආයෝජනය කරමින් ඔවුන් තව තවත් බලගන්වමින් සිටිමු. අධිෂ්ඨානයෙන්, වෙහෙසෙමින් තමන්ගේත් තම ආදරණීයන්ගෙත් ජීවිත කතාන්දරය සාර්ථක කරගන්නා අතරම, ඔබේ මුහුණට සිනහව රැගෙන එන , 8,000 ඉක්මවා සිටින අපගේ සෑම කාගිල්ස් ෆුඞ්සිටි සේවකයෙක්ම තමන්ගේ පවුලේ සතුට උපයන වීරයින් සේ අපි හදුන්වමු. මේ වීරයින් සතුටින් පොහොසත් කිරීම සඳහාවන සෑම වෑයමක්ම සාර්ථක වන්නේ, අපගේ පාරිභෝගිකයින් වන ඔබ සැමගේ දායකත්වය නිසාමයි. දිනපතා ඔබ ඔබේ පවුල වෙනුවෙන් තෝරාගන්නා පුංචි දෙත්, ජීවිත දහස් ගණනකට සෙත සලසනවා. ඒ නිසාම ඔබ නොදැනුවත්ම අපේ දේශයේ යහපත උදෙසා උරදෙන වීරයෙක් බවට පත් වෙනවා.

කාගිල්ස් වීරයන්

අපේ වීරයන් හමුවෙන්න

ඔවුන්ගේ ගමනේ කොටස් කරුවන් වෙමින්, ඔවුන් එදිනෙදා ජීවිතයේ හමුවන සැබෑම වීරයින් බව අපි දැකගත්තෙමු. ඔබත් අප සේම ඔවුන් හදුනාගත්විට, ඔවුන් සැබෑ වීරයින් බව දැකගනීවි.