ගොවිතැන කියන්නේ මේ ලෝකයේ තියෙන හොඳම රස්සාව. මට පේන හැටියට ජීවත්වෙන්න තියෙන හොඳම ක්‍රමය. ඕන වෙලාවට ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ පවුලේ අය එක්ක කාලය ගත කරන ගමන් රස්සාවත් කරන්න පුළුවන්. කාටවත් යටත් වෙන්න ඕන නෑ. හරි නිදහස්….

ගොවිතැන ගැන මෙහෙම හොඳ තක්සේරුවක් දෙන්නේ තණමල්විල ගොවියෙක්. ඔහු දැදිරිසිංහ මුදියන්සේලාගේ ගුණසේකර. අවුරුදු 15/ 16 දි බණ්ඩාරගම ගමෙන් ඇවිල්ලා ගොවිතැන් පටන් ගත්තේ අලි, කොටි හිටපු ගම්වල. කැලෑව කපා එළි පෙහෙළි කරලා ගොවිතැන් කරලා අමුමිරිස්, පිපිඤ්ඤා, වම්බටු,මෑකරල් වගේ හැම එළවළුවක්ම වැවුවා. ඒවා විකුණන්න වුණේ ලොරිවලට. පාර අයිනේ තියාගෙන අස්වැන්න විකුණන්න වුණා. සමහර අවස්ථාවල ගොවියන්ට ලැබෙන්නට නියමිත මුදල් ලැබුණේ නැහැ. ලාභවලටත් වඩා අලාභ නම් සුලභ දෙයක් වුණා. ඔවුන්ට සාධාරණ මිලක් ලැබුණේ කාගිල්ස් ආවට පස්සෙ.

වගාවලින් ලැබෙන මුදල් ඉතිරි කළා. ළමයින්ට ඉගැන්නුවා. ගෙවල් දොරවල් හදාගත්තෙ එහෙම ඉතිරි කරලා තමයි…. ගුණසේකර ගොවි මහත්තයා ජීවන අත්දැකීම්වලින් හොඳට පදම් වුණ චරිතයක්. සොබාදහමේ නීති එක්ක ජීවත්වෙන මේ වගේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්වල ඉඳන් ක්‍රියාකලාපය දක්වා ඒ යථාර්ථය පිළිබිඹු වෙනවා.

ගොවි මහත්තයෙක් තමයි. හැබැයි ගුණසේකර මාම තමන්ගෙ දරුවො හතරදෙනාට උගන්වන්න නොසෑහෙන්න දුක් වින්දා. ඔක්කොම ගියේ ගමේ ඉස්කෝලෙට. ඉස්කෝලෙ යන බස් එකට එක්ක ගියේ පාපැදියෙන්. උදේ හවස පූජාවක් වගේ කළ ඒක මහා කැපවීමක්. බාලම පුතාට කාගිල්ස් එකෙන් ශිෂ්‍යාධාර ලැබුණා. අද ඔහු වෛද්‍යවරයෙක්. ඔහුගෙ දරුවො ගුරුවරු, ඉංජිනේරුවෝ වෙලා හොඳින් ජීවත් වෙනවා.

ගොවිතැන් කරලා වුණත් කාටත් මේ තත්ත්වෙට එන්න බැරිකමක් නෑ නේද? තවත් අය මේවා ආදර්ශෙට අරන් ජීවිතේ හදාගන්න ඕන.. ඔහු කියනවා.

එදිරිසිංහ මාමා හොඳ ගොවියෙක් කියන්නේ සැබෑම හේතු ඇතිව. ඉස්සර කාලෙ වගේ ආවට ගියාට වගාවට බෙහෙත් පොහොර ගහන්නේ නැති එක හොඳයි කියන, බහුතරයක් ගොවීන්ට නැති ආකල්පය ඔහුට තියෙනවා.

“කාගිල්ස් එකෙන් පුහුණු වැඩසටහන් කරනවනේ. අස්වැන්න නෙළන්න දවස් 14කට කලින් බෙහෙත් ගැහුවම ආයෙම ගහන්න එපා කියලා අපිට කියලා දීලා තියෙනවා. ඉස්සර නම් නෙළන්න කලින් දවසෙත් බෙහෙත් ගහනවනේ්‍. මිනිස්සු නොදැනුම්වත් කමට කරන දේවල්. දැන් නම් ඉතින් තාක්ෂණෙත් දියුණුයි. කෘෂිකර්ම නිලධාරි ගෙන්නලා වැඩසටහන් කරනවා. කෘමිනා‍ශක බොහොම අඩුවෙන් දාන්නෙ”

ගුණසේකර මාමගේ ජීවිතේ තවත් ගොඩක් අත්දැකීම් ඇති. ඇත්තටම ඒ මනුස්සයා විශ්ව කෝෂයක්. මහපොලොව එක්ක හැප්පිලා, ජීවිතය ඉගෙනගත්තු, ජීවිතය හරි හරියට කළමනාකරණය කරගන්න දන්න සැබෑම බුද්ධිමතෙක්. මේ රටේ මිනිස්සු කන බත් ඇටයක් ගානේ හැදිලා තියෙන්නේ මේ ගුණසේකර මාමලාගේ දහඩිය කඳුළුවලින්. ඔහු මේ පොළොවට ණය නෑ. ඔහුගෙ ජීවිතයට ණය නෑ. ඉතින් ඔහු වීරයෙක් කියලා හදුන්වන්න සැබෑම සුදුස්සෙක්.